ඔබ දන්නවාද?

මොනවද මේ CAM, R5, DVDRip, DVDSCR, XviD…?


චිත්‍රපටි බලන, download කරන අයනම් මේ වචන බොහෝවිට අහල ඇති. අන්තර්ජාලයේ චිත්‍රපටි ලබාගන්න තියෙන විවිද rip format වර්ග තමා මේ. අපි බලමු එකින් එක.

CAM
CAM කියන්නේචිත්‍රපටි ශාලවකදි digital video කැමරාකින් වීඩියෝ කරලා rip කරන එවයි. sound රෙකෝඩ් කරන්නෙත් ඒ කැමරවෙම තියෙන microphone එකකින්. සමහර විට මිනිසුන් කතා කරන, හිනාවෙන එවත් අහෙනවා. කොලිටිය බොහෝම අඩුයි. මේ format එකෙන් තියෙන film බලනවට වඩා හොදයි නොබලා ඉන්න එක.

TELESYNC (TS)
මේකත් CAM වලට දෙවෙනි නෑ. හැබැයි CAM වලට වඩා sound  කොලිටිය හොද වෙන්න පුලුවන්. මිනිසුන් අඩු චිත්‍රපටි ශාලවකදි professional කැමරාකින් වීඩියෝ කරලා rip කරයි. බොහෝ විට කොලිටිය cam වලට වඩා ටිකක් හොදයි.

TELECINE (TC)
telecine machine කියලා යන්ත්‍රයකින්, film reels මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. Sound and picture කොලිටිය ඉතා හොදයි.

DVD-SCREENER (DVDscr)
VHS tape මගින් dvd බවට පත්කර,එම dvd මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. divx/xvid හෝ svcd නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී.

VHSRip
VHS tape මගින් rip කරයි. ක්‍රීඩා වැඩසටහන්,අසභ්‍ය චිත්‍රපටි ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි.

TVRip
TV PCI card, satellite boxes ආදිය ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. රූපවාහිනි වැඩසටහන්, WWF(රෙස්ලින්) ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. VCD/SVCD/DivX/XviD නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී.


R5
DVD Region 5 මගින් rip කරයි. audio track එකහි භෂාව පිලිබද සැල්කිලිමත් විය යුතුයි. R5 වර්ගයෙන් චිත්‍රපටි download කරන්නේ නම් R5 line යන්න සදහන් කර තිබෙන ඒවා download කිරිම් නුවණට හුරුයි (the "line" meaning it has direct English line audio). Sound and picture කොලිටිය ඉතා හොදයි.

DVDRIP
Originl DVD මගින් rip කරයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට 350mb, 400mb, 450mb, 700mb, 1400mb ධාරිතාවයක් ගනී. Sound and picture කොලිටිය ඉතා හොදයි. නියමයි.
DivX / XviD/x264 are the video streams, most commonly encoded movies.

HDTV or DS RIP
පුළුල් තිර රූපවාහිනි වැඩසටහන් analog capture cards ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. බොහෝ විට 640×352, 960×528, 1280×720 ප්‍රමාණයේ divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය DVDRIP වලටත් වඩා හොදයි.

BRRIP/BDRIP
Originl Blu-ray Disc මගින් rip කරයි. දනට පවතින හොදම rip format වර්ග ය මෙයයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. Sound and picture කොලිටිය ගැන කතා කරලා වැඩක් නෑ. නියමයි. සුපිරි.