Monday, October 18, 2010

පව්කාර හඩට නො‍රැවටී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පිරිසිදු නිර්මල බුදුදහම දැනගන්න.


ආධ්‍යාත්මික චරිතාපදානය

පූජ්‍ය ඤාණානන්ද ස්වාමීන්වහන්සේ උපත ලැබුවේ, ක්‍රිස්ටි කබ්‍රාල් සහ වයලට්‍ පෙරේරා යන දෙමාපියන්ට දාව රෝමානු කතෝලික පවුලකය. එම හිමියන්ගේ උපත පසු පස ආ සිදුවීම් දාමය ආශ්චර්ය ජනකය; එය අවසන් වූයේ (එ හිමියන් ගේ උපතින් සය මසක් ඉක්මවූ තැන) සිය ප්‍රධාන ආදායම් මාර්ගය වූ (බුදු දහමට අනුව 'අදැහැමි' රැකියාවක් වන) මස් පිණිස සතුන් ඇති කිරීම පවා අතහරිමින් මුලු පවුලම බුදු දහම වැළඳ ගැනීමෙනි. ඒ නිසාම එ හිමියන්ට බෞද්‍ධ අධ්‍යාපනයක් ලැබීමට හැකි පරිසරයක් සැකසිණි.
1979 මාර්තු 26 දින (එනම් වයස 17 දී) පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර සහ පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේලා යටතේ සේරුවවිල දී පැවිදි බිමට පිවිසි උන් වහන්සේ , සම්ප්‍රදායික බෞද්‍ධ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයට පිවිසුන හ. තමන් සොයන දෙය මෙම පසුබිම තුළ නොලැබෙන බව වටහාගත් උන් වහන්සේ කළේ , විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර භාවනා අසපු සහ ආරාම ඇසුරු කරමින් නිවැරදි දහම් මග සොයා යෑමයි.
වසර ගණනාවක් බුදු දහම ප්‍රගුණ කොට දහම් සේවාවේ හැසිරෙමින් සිටි උන් වහන්සේ, පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය මැද, 1999 දී පොල්ගහවෙල වඩුවාවෙහි මහමෙව්නාව අරඹන්න ට යෙදිනි. ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මහමෙව්නාව නොනැවතී ව්‍යාප්ත වෙමින් පවතී (මෙ වනවිට මහමෙව්නාව අසපු සංචිතය කැනඩා , ඇමෙරිකා එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියා ශාඛා ද ඇතුළුව සිරිලක පුරා විහිදුණු අසපු විශාල ප්‍රමාණයකින් සමන්විත වේ).

ඉගැන්වීම්

දැන් උන්වහන්සේ බුදු දහම (ථේර වාද) උගන්වමින් යන්නේ , භාග්‍යචත් බුදුරජාණන් වහන්සේ නොවදාළ දෑ ඉවත ලමින් පිරිසිදු අයුරින් ම දහමෙහි හැසිරීමේ වැදගත්කම අවධාරණය කරමිනි.
අපගේ ශාස්තෘන් වහන්සේ වන, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ වදාළේ මිනිසත් බව ලැබීම ම ඉතා දුලබ අවස්ථාවක් බවයි. වාසනාවකට, අපි සියලු දෙනා එම දුලබ අවස්ථාව දැන් ලබා සිටිමු. එනමුත්, මිනිසාගේ උසස් බව ඔහුගේ ජාතිය, කුලය, ගෝත්‍රය හෝ වෙනත් එවන් ලක්‍ෂණ මත රඳා නොපවතින බැව්‍ පසක් කළ යුතුය. ඔහුගේ ශ්‍රෙෂ්ටත්වය රඳා පවතින්නේ ඔහු ගේ හැසිරීම මත ම පමණි. මිනිසකු සැප සහ දුක අත්විඳින ආකාරය පවා සබැඳී ඇත්තේ ඔහු මනස, වචනය සහ කය යන තුන් දොරින් ක්‍රියා කරන ආකාරය මත ය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සිය දිවියම කැප කළේ මිනිසාව දුකින් මුදවා ගැනීම උදෙසාම ය. අපි උන් වහන්සේ ගේ අනුගාමිකයෝ වෙමු; අපගේ එකම පැතුම මෙසේ දුකින් අත්මිදුනු මිනිසුන්ගෙන් පිරි ලොවක් දැකීම ය.
මිනිස් වර්ගයාගේ අසිරිමත් ප්‍රඥා නිධානය නම් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ඉගැන්වීමයි. මෙම දහම අපගේ ජීවිත ආලෝකවත් කරන්නේ සතුට ප්‍රමෝදය ළඟා කර දෙමිනි. ඔබම මෙම අසිරිමත් ධර්මය සොයා යන්න; ඒ අනුවම ජීවිතය හසුරුවා ගන්න; සියළු දුකින් අත් මිදෙන්න; උතුම් සැපත (නිවන) පසක් කර ගත් වාසනාවන්ත පිරිසට එක් වන්න
පූජ්‍ය ඤාණානන්ද හිමියන්ගෙන් පණිවිඩයක්





බොදු මඟෙහි හැසිරෙන්නෝදහස් ගණනින් මහමෙව්නාව සමඟ අත් වැල් බැඳගෙන; බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් උතුම් මග යෑමට උත්සාහ කරමින් සිටිත්.
100000 ට අධික බොදු ශ්‍රාවකයන්ගේ සහභාගිත්වයෙන්, 2008 පෙබරවාරි 2 වන දින අනුරාධපුරයේ පැවැත්වුණු "මහා ස්ථූප වන්දනාව" , 2010 මැයි 8 පොලොන්නරුවේ පැවැත්වුණු "මහා ස්ථූප වන්දනාව", උන් වහන්සේගේ දහම් වැඩ පිළිවෙල ලබා ගෙන ඇති පිළිගැනීමට  සාක්‍ෂි වේ.

Source: si.wikipedia.org

6 comments:

  1. ඉතා වැදගත් ලිපියක්

    ReplyDelete
  2. ඔය මහමෙව්නාවට යන ලක්ෂයක් දෙනාගෙන් කීප දෙනෙකුට කියල බැරිවෙයිද දන්නෙ නෑ වකුගඩු කීපයක් ප්‍රදානය කරවන්න නුවර hospital එකට.

    ReplyDelete
  3. මෙහි උගන්වන්නේ නිර්මල බුදු දහම නම් අනුගාමිකයින්ගේ (අහිංසක නොමග ගිය දරුවන්) කුහක, තිරිසන් හා ආත්මාර්ථකාමී ගති ඉස්මතු වී ඇත්තේ ඇයි.

    ReplyDelete
  4. ඒක ඇත්ත....ඔය අසපු වලට යන්නෙ හොඳම කුහකයො...දුෂ්ඨයො...එයාල ඥානන්ද හාමුදුරුවො කියන ඕන දෙයක් කරයි...ඒත්.........නැතිබැරි මිනිහෙකුට මොනම ආකාරයක පිහිටකවත් මුන් කරනවද..

    ReplyDelete
  5. @චෝදනා කරන සියලු දෙනාහට මෛත්‍රියෙන්
    ද්වේශය අත්හැර සාක්ෂි ඇතුව චෝදනා කරන්න. එසේ නොමැති නම් ඔය චෝදනා කරන කිසි කෙනෙකු බෞද්ධ යැයි සිතිය නොහැක.කිරිබක්ගොඩ ස්වාමින් වහන්සේ දේශණා කරන ධර්මයේ පවතින වැරදි කරුණක් හැකි නම් පෙන්වන්න(උදාහරණ සහිතව). එවිට මෙතන ඉන්න බුද්ධිමත් අයට මෙම චෝදනා කරන්නේ සැබෑ බොදුනුවෙකුද නැද්ද යන්න සොයා ගත හැක.ඉන්පසු මමද ඔබ සියලු දෙනා සමග එකග වෙමි.තෙරුවන් සරණයි.ගෞතම බුදු සසුන බැබලේවා.

    ReplyDelete
  6. මම හොඳට නිරීක්ෂණය කරපු එකක් තමයි මේ චෝදනා කරන කිසිම කෙනෙක් කිසි පදනමක් නැතිව තමයි චෝදනා කරන්නේ ඔහේ හිතට එන ඒව කියනව. අනිත් කාරණාව තමයි මේ අය ඇනෝනිමස් ලා එහෙමත් නැත්නම් බොරු blogger profile භාවිතා කරන අය.
    නියම නමෙන් එන්න ශක්තියක් නෑ.!
    යාලුවනේ අපි මෙයාලට අනුකම්පා කරමු. නිරයගාමී අකුසල් රැස්කරගන්නා මේ අයට ඉන් මිදීමට ලැබේවා.
    තෙරුවන් සරණයි.!!!

    ReplyDelete