Saturday, October 16, 2010

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සදහම් ග‍්‍රන්ථ


සදහම් ග්‍රන්ථ කියවීම සදහා මෙතනට පිවිසෙන්න. ලොව උතුම්ම දානය ධර්ම දානයයි. මෙමගින් අබ ඇටයක තරමේ පිනක් අත්වුවද ඒ පින් සතරවරම් දෙවිවරු අතුලු සියලු දෙවිවරුන්ට අනුමෝදම් කරමි අනුමෝදම් වේවා!

8 comments:

  1. ධම්මෝ බවේ රක්ඛති
    ධම්මචාරී

    ReplyDelete
  2. ධර්ම දානය උතුම්ම දානය බව නම් ඇත්ත....ඒත කිරිබත්ගොඩ හාමුදුරුවො කියන්නෙ බුදු බණද...ජේසුගෙ බණද එහෙමත් නැත්නම්...බුදු බණට මුවා වෙලා තමන්ගෙ අදහස් කියන එකද..මේක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකො...මොකද සිවුරක් ඇන්දට......බණ කිව්වට.....සිංදුවගෙ පිරිත් කිව්වට ...මේව නිර්මල බුදු දහමමද කියල තේරුම් ගන්න ඕන ඔක්කොටම කලින්....

    ReplyDelete
    Replies
    1. ඔබතුමාම උන්වහන්සේගේ පොත් කියවලා බලන්න. උන්වහන්සේ බුදු රජාණන් වහන්සේගේ දේශනා වලට අමතරව වෙන කිසිවක් දේශනා කරන්නෑ. උන්වහන්සේ අපට කළණ මිතුරෙකු වූ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්මයි.

      Delete
  3. @Anonymous
    කවුරුන් හෝ පවසන දෙය ධර්මයද අධර්මයද කියලා ක්‍රම කීපයකට දැනගත හැකිය. එකක් මම කියන්නම්
    යම් අයෙකු පවසන දෙයකින් රාග ද්වේශ මෝහ දුරු වීම සදහා දුරු කර ගැනීම සදහා උපකාරයක් වනවානම් එය ශ්‍රි සද්ධර්මයයි.
    යම් අයෙකු පවසන දෙයකින් රාග ද්වේශ මෝහ ඇතිවනවානම් අති වීමට උපකාර වනවානම් එය අධර්මයයි.එය නිර්මල බුදු දහම නොවේ.
    මේ ආකාරයට ක්‍රම කිහිපයක් ඇත.
    හැකි නම් දේශකයින් දේශණා කරන දේ ත්‍රිපිටකය සමග ගලපා බලන්න.එහිදී තව දුරටත් සැකයක් ඇතිනම් එය මග හැරී යනු ඇත.
    (හැකි නම් දේශකයා මත රැදී නොසිටින්න. ශ්‍රි සද්ධර්මය පමණක් වැළද ගන්න.)
    තෙරුවන් සරණයි.

    ReplyDelete
  4. බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා. දේවදත්ත කියන්නේ කොයි තරම් පින් කරපු හාමුදුරුවො නමක්ද?. ඒත් උන්වහන්සේත් වෙනම හාමුදුරුවො ටිකක් තමන්ට නතු කරගෙන වෙනම නිකායක් වගේ හදා ගන්න හැදුවා.එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටි නිසා ඒ වගේ දෙවල් වලක්ව ගන්න පුලුවන් උනා.බැලූ බැල්මට දේවදත්ත හාමුදුරුවො ඉදිරිපත් කරපු දස පනත උනත් කොච්චර අවිහින්සා වාදී ද?.

    කිරිබත්ගොඩ හාමුදුරුවො කියන්නෙ බුදු බණ බව අත්ත.ඒත් කාලයක් යද්දි මිනිස්සුන්ට හරි දේ මොකද්ද කියන එක හොයා ගන්න එක අමාරු වෙනවා.උන්වහන්සේත් මට හිතෙන විදියට , yahapath chethanawakin unath karanne loku winasayak wenna puluwan.unwahanse hadanne wenama nikayak wage hadagena eke loku swaamin wahanse wage wajambenna wenna barida.ai unwahanseta hamuduruwane kiyanne naththe.

    swaameeni kiyanne kristhiyan aagame.kaalayak yaddi lankawe hamuduruwo nathi wei.swaamin wahansela ithuru wei.pansal wahei.asapu ithuru wei.eka ape jeewitha kaaledi nowenna puluwan.eth mechchara karalayak rakila thibuna budhu sasuna wikurthi nokara anek paramparawata geniyanna ida thiyanna oona.

    kiribathgoda hamuduruwo budu ras penna penna karanna hadana wijjawa mokadda.budhu dahama kiyanne majik walin minissu pinawala minissu adda gaththa dahamak newei.

    oya karana waden wenne budu dahama wikurthi wela pirihenna thiyena idakada wadi wena ekai.

    ReplyDelete
    Replies
    1. දේවදත්ත හාමුදුරුවො ඉදිරිපත් කරපු දස පනත උනත් කොච්චර අවිහින්සා වාදී ද?.////මොන පනතද දේවදත්තගේ අවිහින්සාවාදී?
      කිරිබත්ගොඩ හාමුදුරුවො කියන්නෙ බුදු බණ බව අත්ත.ඒත් කාලයක් යද්දි මිනිස්සුන්ට හරි දේ මොකද්ද කියන එක හොයා ගන්න එක අමාරු වෙනවා.////බුදු බණ දේශනා කරනවනම්, කාළයක් යද්දී කොහොමද මිනිස්සුන්ට හරි දේ මොකක්ද කියල අමතක වෙන්නෙ? ඤාණානන්ද ස්වාමීන් වහන්සේ බණ දේශනා කරන්නේ බුද්ධිය සහ ශ්‍රද්ධාව හිතක ඇති කිරීම පිණිස. ඔය වගේ දේවල් කියලා අපාගත වෙන්න එපා.
      yahapath chethanawakin unath karanne loku winasayak wenna puluwan.///ඇයි ඔබ "වෙන්න පුලුවන්." වගේ දෙපැත්තට වැනෙන ප්‍රකාශ කරන්නේ?
      swaameeni kiyanne kristhiyan aagame./////ඔබට ස්වාමීන් වහන්සේ කියන වචනය නුහුරු දෙයක්ද? අපි රහතන් වහන්සේ නමකට රහත් හාමුදුරුවො කියලා ආමන්ත්‍රණය කරනවද? බුදු හාමුදුරුවෝ කියනවට වැඩිය,බුදු පියාණන් වහන්සේ කියද්දී හිතට යම් කිසි වෙනසක් තේරෙන්නැද්ද? බුද්ධියෙන් ගලප ගන්න.
      pansal wahei.asapu ithuru wei.////මේ කියමන ඇත්තටම යථාර්තවාදීද? ඔය ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම "අසපුව"ද? අසපුවකින් මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට පිටුවහලක් ලැබේනම්, එහි ඇති වරද කුමක්ද?
      mechchara karalayak rakila thibuna budhu sasuna wikurthi nokara////උන්වහන්සේ බුදු සසුනට කළ හානිය කුමක්ද? ත්‍රිපිටකය සරළ බසින් දේශනා කිරීමද?
      budhu dahama kiyanne majik walin minissu pinawala minissu adda gaththa dahamak newei. ///ඔබ බුදු දහම ගැන දන්නවාද? බුදු රජාණන් වහන්සේ සෘද්ධි බල පෙන්වූ වාර ගණනාවක්ම තිබුනා. ඔබ දන්නවාද සෝමාවතියේ නිදන් කර ඇති ධාතූන් වහන්සේ කුමක්ද කියා? සෝමාවතියට ගිහින් ඒ ගැන විස්තර හොයන්න.
      oya karana waden wenne budu dahama wikurthi wela pirihenna thiyena idakada wadi wena ekai.////බුදු දහම විකෘති වෙමින් තිබුණු යුගයක, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ආගමනය සසර දුක් නිවා ගැනීමට වෙහෙසෙන සියළු පින්වතුන්ගේම අවදානයට ලක් වේවා !!!මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ පැවැත්ම උදෙසා ඤානානන්ද හිමියන්ගේ සේවය තවත් බොහෝ කලක් අපට ලැබේවා !!! සාධු සාධු සාධු !!!

      Delete
  5. හොඳ මෘදුකාංග ‍‍එහෙම දෙන rnpmix.blogspot.com/ බ්ලොග් අඩවියෙ ‍ඇයිද දන්නෙ දන්නෙ බුදු දහම විකෘති කරන අයගෙ පොත් වලට මෙච්චර ප්‍රචාරයක් දෙන්නෙ.......පැහැදිලිවම මෙතන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියෙනව......හි...හි...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවියෙ ‍ඇයිද දන්නෙ දන්නෙ බුදු දහම විකෘති කරන අයගෙ පොත් වලට මෙච්චර ප්‍රචාරයක් දෙන්නෙ......////මුන් වහන්සේගේ දේශනාවක බුදු දහම විකෘති උනු තැනක් පෙන්නන්න බලන්න.

      Delete