Tuesday, October 19, 2010

අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ....... Comments

කරුණාවෙන්  දැනුම් දීමයි. මෙහි Administrator ගේ  Comments කිසිවක් නොමැත.

මගේ comment එක මෙච්චරයි. පුර හද දැක්කාම බල්ලෝ බුරනවා. අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ කාලයට පෑයූ පුර හදක්. උන්වහන්සේ ගැන, බුදුදහම ගැන කාටවත් වාදයක් නෑ. මනුස්ස ආත්මයක් ලබලා උන්වහන්සේ දේශනා කරන ධර්මය තේරෙන්නේ නැත්නම් ඔහු හෝ ඇය මනුස්සයෙක් නොවන බව මතක තබා ගන්න. උන්වහන්සේ ගැන හෝ, බුදු දහම ගැන මගේ Posts කාටවත් නවත්වන්න බෑ. හැමෝටම තෙරුවන් සරණයි!

 

34 comments:

Anonymous said...
මම නම් ඔය හාමුදුරුවන්ගේ බණ වලට කැමති නැහැ.......කිසිම තර්කයකට නැති කතන්දර ගොඩක්.......රිවිර පත්තරේ හාමුදුරුවන්ගේ ලිපි වගයක් යනවා...ඒවා කියවලා බැලුවහම මට නම් පේන්නේ කිසි පදනමක් නැති,හරයක් නැති බුදු දහමත් නොවන මාක්ට් කරන්ඩ පුලුවන් වෙන්ඩ හදාගත්තු සිතුවිලි ගොඩක්....
Google Bot said...
@Anonymous කරුණාකර කරුණු සහිතව ඉදිරිපත් කරන්න පුලුවන්ද. උන්වහන්සේ දේශනා කරන බුදු දහමට අනුකූල නොවන දේවල් මොනවද කියල.
Anonymous said...
@ google bot මේ ස්වාමින් වහන්සේගේ පොත් දෙක තුනක් කියවල බලන්නකෝ.බුදු දහම සරල කරන්න ගිහින් ගම අනාගෙන තියන හැටි.අනෙක මේ හාමුදුරුවන්ගේ ගෝල නමක් ම මුන් වහන්සේගේ අඩු පාඩු පෙන්වා දුන්න.අන්තිමේදී උන් වහන්සේට තමන්ට හිමි විහරදී පති කමත් නැතිවෙලා ගිය.ධර්මය සොයන මිනිස්සුන්ට බොරු ධර්මය කියා දීම මහත් වූ පාප කර්මයක්.ඒවාට දැනුවත්ව උඩගෙඩි දෙම්මත් ඒ සමානයි.
Google Bot said...
@Anonymous මම උන්වහන්සේගේ පොත් කියවල තියනව. ඒක නිසා මෙතන ව්‍යාජ රංගනයන්හි යෙදෙන්න ලෑස්ති වෙන්න එපා. මම ඔබට කිව්වේ උන්වහන්සේ ධර්මයට අනුකූල නොවන දේවල් පොත් පත් වල ඇත්නම් ඒවා කරුණු සහිතව ඉදිරිපත් කරන ලෙසයි. එයට අනුකූල ලෙස කරුණු ඉදිරිපත් කරනව නම් හොඳ වල් පල් කතා නොකර.
කසුන් said...
අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වගෙ පැහෙදිලිව බුදු දහම සරලව කියාදෙන්න පුලුවන් කෙනෙක් මෙ රටෙ තවත් නැති තරම්.උන්වහන්සෙ මෙච්චර නිරවුල්ව කියලත් Anonymous බුවාට වටහගන්න අමරු උනාට උන්වහන්සෙ හින්ද මෙ රටෙ ගොඩක් දෙනෙක් අද මිනිස්සු වෙලා ඉන්නව.තේරැමගන්න අමාරු උනාට සැලෙන්න එපා.කවදහරි පුලුවන් වෙයි.try කරපන්
Anonymous said...
මම කිව්වේ මට දැනෙන සහ හැඟෙන දේ..... උනවහන්සේගේ දේශනාවල හරයක් හෝ පිරිසිදු බුදු දහමේ ලක්ශන මම දකින්නේ නැහැ....සමහර විට ඔබ දකින දේ වෙනස් වෙන්න පුලුවන්....බුදුරජානන් වහන්සේගේ අනුගාමිකයන් ලෙස බෞද්ධයන් හැදින්වීම...වගේ කරුනු "බෞද්ධ දර්ශනයට" අනුව වැරදි මතයන් ලෙසයි මට පෙනෙන්නේ...බුද්ධාගම කියන්නේ ශාස්තෘවරයෙක් සහ අනුගාමිකයෝ පිරිසක් මත පදනම් වූවක් නොවේ කියලයි මම දකින්නේ.....අඩු ලුහුඬු වලින් තොර සර්ව සම්පූර්න දර්ශනයක් සහ තර්කානුකූලව සිතමින් ඒ දර්ශනයට අනුව හැඩගැහෙන පිරිසක් තමයි බුඩුදහමේ ඵලය වියයුත්තේ..... ඔබේ මතය මගේ අදහසෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන්.....ඔබ හිතනවනුම් මගේ මේ සිතුවිල්ල වැරදියි කියලා .. මම ඔබෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනවා මගේ මේ අදහස වෙනස් කරන්න පුලුවන් කරුනු සපයන්න කියලා... වේපතඉර හේමාලොක, හඟුරන්කෙත චන්ද්‍රරතන හාමුදුරුවෝ වගේ උතුමන්ගේ දේශනා වැඩිය ප්‍රසිද්ද නොවුනත්, වඩා කාලීනයි, තර්කානුකූලයි කියන එකයි මගේ හැගීම
Google Bot said...
@Anonymous ඔබ මොන අදහසක හිටියත් අපට කම් නෑ. මම කියපු එකට උත්තර දෙන්න කොන්දක් ඇති මිනිහෙක් විදියට.("උන්වහන්සේ ධර්මයට අනුකූල නොවන දේවල් පොත් පත් වල ඇත්නම් ඒවා කරුණු සහිතව ඉදිරිපත් කරන්න") නැත්නම් මින්පසුව ඔබගෙ comment නොසලකා හරිනවා. කාලින ධර්ම දේශනා කියල දෙයක් නෑ. මේකෙන්ම ඔබේ මොලේ ප්‍රමාණය පැහැදිලියි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අකාලිකයි. "උනවහන්සේගේ දේශනාවල හරයක් හෝ පිරිසිදු බුදු දහමේ ලක්ශන මම දකින්නේ නැහැ"කරුණාකර මීට උදාහරණ/සාධක සපයන්න නැත්නම් ඔබ මෝඩයෙකු ලෙස නොසලකාහරින බවත් සලකන්න. මේ ලින්ක් එකෙන් ගිහින් ඕන කෙනෙක්ට උන්වහන්සේගේ සදහම් දෙසුම් ශ්‍රවණය කරන්න පුලුවන්. ඉන්පසුව මෙවන් anonymous පුද්ගලයන් කියන්නේ ඇත්තද නැත්තද කියල බලන්න පුලුවන්.
Anonymous said...
මම ඔය අනුගාමිකත්වය ගැන උපුටා ගත්තේ ඔබේම පෝස්ට් එකකින්"http://rnpmix.blogspot.com/2010/10/blog-post_6313.html"......කාලීන දර්ම දේශනා කියලා මම අදහස් කලේ බුදුරජානන්වහන්සේගේ ධර්මය නෙමෙයි....මම ඇත්තටම දුක් වෙනවා මේ විදියට මාව ආමන්ත්‍රනය කරන එක ගැන.....අදහස් වලට ඉඩක්, ප්‍රශ්න වලට ඉඩක් ඔය හාමුදුරුවන්ගෙන් හෝ ඔහුගේ "අනුගාමිකයෙක්" වන ඔබගෙන් නොලැබෙන හැඩයි. මා ඉගෙන ඇති බෞද්ධ දර්ශනය ප්‍රශ්න වලට හොඳ තොතැන්නක්. ඔබේ අදහස් වලට එකඟ නොවන්නෙක් මෝඩයෙක් ලෙස හදින්වීම නම් හරිම අපූරුයි...... මම මගේ බුද්ධියට ගැලපෙන විදියට "බෞද්ධ දර්ශනය" පිලිපදින්නුම්...ඔබ ඔබේ බුද්ධියට ගැලපෙන විදියට "බෞද්ධාගම" පිලිපදින්න..........නවතිමි.......
Google Bot said...
උනවහන්සේගේ දේශනාවල හරයක් හෝ පිරිසිදු බුදු දහමේ ලක්ශන මම දකින්නේ නැහැ"කරුණාකර මීට උදාහරණ/සාධක සපයන්න නැත්නම් ඔබ මෝඩයෙකු ලෙස නොසලකාහරින බවත් සලකන්න. මම ඉහත කියා තිබෙන්නේ මාගේ අදහස් වල්ට පටහැනි අය කියා නොවේ. ඔබ කරුණු ඉදිරිපත් නොකරන්නේ නම් මෝඩයෙකු ලෙස සලකන බවයි. ඒකාන්තයෙන්ම බුද්ධ දර්ශනය අනු ඒහි පස්සික දහමකි. මම නැවත ඉල්ලා සිටින්නේ කරුණාකර ඔබ ඉදිරිපත් කර ඇති චෝදනා වලට කරුණු දක්වන ලෙසයි.
udaya kumara said...
දැනට බුදු බණ අහන්න පුලුවන් ඔය හාමුදුරුවන්ගෙන් විතරයි.
Sriyananda said...
දැනට බුදු බණ අහන්න නම් නෙවයි, බුදු‍රැස් බලන්න නම් පුළුවන් මේ හාමුදුරුවොන් ගෙන් විතරයි..!!
Anonymous said...
හොඳයි මුන් වහන්සේගේ භාවනාව අරන් බලන්න. එම ක්‍රමයේ තියෙන්නේ සමතයවත් සමතය විදර්ශනාවට හැරවීමක් වත් නෙවි.හුදෙක් යත්ඥාවක් පමණයි.මුන් වහන්සේගේ ධර්ම දේශනා රූපවාහිනියෙන් බලපු පොඩි එකෙක් පවා දන්නා කාරණයක් එක.ඔතනට ගොඩක් ය එක රැස් වෙන්නේ.මේ සන්කිර්ර්ණ අත්විඳීමෙන්,අත්හද බැලීමෙන් දත යුතු ධර්මය දේශනාවෙන් සොයා ගන්න යන විචාර ශීලී නැති පිරිස්සක්. @ Sriyananda මචන් නිරපරාදේ පව් පුරවා ගන්න එපා.ධර්ම ගවේෂණය කරන්න නැතිව එක තැනකට වෙලා ලේසි බුදු දහම හොයන්නතිව.
Google Bot said...
කියමු බලන්න ඔය කියන භාවනා පාඨය මේක කියවන අයට දැනගන්නත් එක්ක. එතකොට බුද්ධිය තියන අය අවබෝධ කරයි ඒක යාඤාවක්ද නැත්නම් බුද්ධ භාෂිතයක්ද කියන එක. හිතන්න එපා තමුන් කිව්ව පලියට මිනිස්සු දේවල් පිලිගන්නව කියල. ලින්ක් එක්ක දාන්න ඔය වැඩකට ඇති භාවනාව. භාවනා පාඨ දාන්න නිකම් චෝදනා කරන්නැතුව. මම ඉස්සෙල්ලා කරපු ඉල්ලීම තමුන්ට තාම ඉටු කරන්න බැරි උනා නේද? කරුණු සහිතව උපවාද කරන්න බෑ නේද?. හොඳයි හොඳයි දාමු බලන්න ඔය වැරදියි කියන භාවනා පාඨය...
Google Bot said...
මෙන්න තියනවා http://www.mahamevnawa.blogspot.com/ එකේ තියන භාවනා ටික. මේවා අහල භාවනා පාඨ එක්ක කියමු බලන්න බුද්ධ භාෂිතයට අනුකූල නොවන තැන්. මඩ ගහන එකත් හිතුව තරම් ලේසි නෑ නේද? # 01 මෛත්‍රී භාවනාව # 02 බුද්ධානුස්සති භාවනාව # 03 ධම්මානුස්සති භාවනාව # 04 සංඝානුස්සති භාවනාව # 05 ධාතු මනසිකාරය # 06 අනිත්‍යය (ආයතන) භාවනාව # 07 අනිත්‍යය (ස්කන්ධ) භාවනාව # 08 අනිත්‍යය (ධාතු) භාවනාව # 09 අනිත්‍යය (පටිච්චසමුප්පාද) භාවනාව
vikum said...
මට කියන්න පුලුවන්ද ඥානන්ද හාමුදුරුවන්ගේ හොඳම ගෝලය උන .ගලිගමුවේ හාමුදුරුවෝ අන්තිමට තමන්ගේ ගුරු හම්දුදුරුවෝ උන ඥානන්ද හම්දුරුවන් කරන්නේ බොරුවක් රැවටීමක් කියල කියන්නේ ඇයි කියල?
Anonymous said...
ඥානන්ද ලොක්කගෙ ගිහි ගෝලයින්ට නම් අනුන්ගේ මත ඉවසන්න පුරුද්දක් ඇත්තේම නැ...ඒකෙන්ම පේනව උන්ගේ දහම ගැන...අනේ අම්මප තමන් එකඟ නොවන දේවල් කියන් අය මෝඩයො කියල හිතන ඥානන්ද ලොක්ක කියන දේවල් විතරක් හරි කියල හිතන මෙහෙම කැනහිල්ලු පිරිසකුත් ලංකාවෙ ඉන්නවනෙ...
Google Bot said...
අනේ මහත්තයො මෙතන අනික් අයගේ මතයක් නෑ නොවැ ඉවසන්න. තියෙන්නෙ මඩ විතරයි නොවැ. කරුණු සහිතව දෝශාරෝපණය කරන්න කියල ඉල්ලන එක අනුන්ගෙ මත නොඉවසන බවද ඔබගේ දැක්ම. අනේ අනේ තව ලැජ්ජා නැතිව කතා කරනව නේ. වැරැද්ද කරුණු සහිතව පෙන්නල දෙන්න කියල මම කී පාරක් ඉල්ලුවද? බෑ නේද කරුණු ඉදිරිපත් කරන්න? ඒකනේ විකාර කියවන්නේ. 1) උන්වහන්සේ වැරදි ලෙස උගන්වන භාවනා මොනවාද? 2) උන්වහන්සේ බුද්ධ භාෂිතයට පටහැනි දෙයක් උගන්වන්නේ නම් ඒවා මොනවාද? කරුණාකර කරුණු සහිතව පෙන්වා දෙන්න. වැඩි පහසුව සඳහා උඩින් ලින්ක් දාලයි තියෙන්නෙ. වස්ත්‍රයක් ඇඳගෙන නම් ඉන්නෙ මේ කරුණු දැක්වීම නොකර වල් පල් ලියන්න එපා මෙතන... හොඳයි දැන් ඔබට අවස්ථාව.. දෙන්නකො බලන්න උත්තර බ්ලොග් අවකාශයෙ ඉන්න හැමෝටම කියවන්න පුලුවන් වෙන්නත් එක්ක.
Anonymous said...
ඔය ඔබගේම පෝස්ට් එකකින් උපුටාගෙන දක්වලා තියෙන්නේ බුදුදහමට අනුව සහ තර්කයට අනුව ඔය හාමුදුරුවො විසින් දක්වන වැරදි අදහසක් ගැන....බෞද්දයෝ කියන්නේ බුදුරජානන් වහන්සේගේ අනුගාමිකයෝ කියන එක....ඒක වැරදි අදහසක්....බුදුරජානන් වහන්සේට කවදාවත් අනුගාමිකයෝ හිටියා කියන කාරනාව දැක්වෙන්නේ නැහැ...උන්වහන්සේට හිටියේ හුදෙක් ස්‍රාවකයෝ පමනයි......අනුගාමිකයා කියන්නේ යමෙක් කරන දේ අනුකරනය කරන පිරිසක්.....බෞද්ද ස්‍රාවකයෝ දර්මය අහලා තමන්ගේ සිතුවිලි රටාව වෙනස් කරගෙන ජීවිතය හැඩගස්වා ගන්නවා... ඔය දාපු ලින්ක් එකේ තිබුනු හරසුන් වචන ස්වල්පයක් අහුවහම මට මතක් වුනේ පූජනීය සෝමාවතී බිමේදී කරපු වැඩේ...ඒ අවස්ථාවේ එතන උන්නු කෙනෙක් විදියට මම දැක්කේ අර්ද්‍රතාවයා ඉහල යාම නිසා වලාකුල් වල තිබූ ආරෝපන උදාසීන වීමට උත්සාහ කරන අති සරල ස්වාභාවික සංසිද්දියක්.....ඒ සිදු වීඑම බුදු රැස් කියලා වැදි බණ කියවන එක හාමුදුරු කෙනෙකුට තබා අකුනු ගැහීමක් දැකපු කෙනෙක් වත් කියන්ඩ සුදුසු නැහැ නේද?? භාවනාවක් කියන්නේ කෙල පෙරාගෙන යටිගිරියෙන් කෑ මොර දෙන එක නෙමෙයි....ඒක තමුන්ගේ සිත එකඟ කර ගන්න කරන වැඩක්.....ලස්සනට තාලෙට කවි කිව්ව කියලා ඔය වැඩේ වෙනවා කියලා මම නම් හිතනේ නැහැ....කවි ටිකට පාලි පොතකින් එන තේරෙන්නේ නැති වචන මාතෘකා විදියට දාගත්තට ඒක භාවනාවක් වෙන්නේ නැහැ...."භාවනාවට ලින්ක් දාන්න"..!! ?? විකුම්(AC da??) කිව්ව එකටත් මොකක් හරි තර්කානුකූල උත්තරයක් දෙන්නකෝ 'ඌ පවුකාරයෙක්' නොකියා ඔබේ අදහසට එකඟ නොවුනු පලියට අපි පවුකාරයෝ වෙන්නේ කොහොමද?? ඔබතුමාට මේක මඩ ගැහිල්ලක් වගේ පේනවද?? මම තවමත් ඔබට කියන්නේ මගේ අදහස වැරදි නම් ඒක නිවැරදි කරගන්න මට මග පෙන්වන ලෙසයි......කරුනු කාරනා ඇතුව පහැදිලි කලොත් ඔබ වගේ පවුකාරයා සහ මෝඩයා රාමුවට කොටු නොවී ඉන් ඔබ්බට සිතන්න මම සූදානම්.....
Google Bot said...
@Vikum මෙන්න මේක http://bit.ly/9A5yLr කියවල ඉන්නකො මහත්තයො ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද කියල බලාගන්න. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔය ලිපියෙ තියනව.
Google Bot said...
@ "භාවනාවක් කියන්නේ කෙල පෙරාගෙන යටිගිරියෙන් කෑ මොර දෙන එක නෙමෙයි" මෙය ඇත්තද නැත්තද කියල බලන්න මම ලිපියේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනව(කෙල පෙරාගෙන කෑ ගැසීමක් එම හඬ පටි වල තිබේද යන්න ශ්‍රවණය කර බලන්න). අනිත් එක තමයි වචන හරඹ වල පැටලෙන්න එපා. උන්වහන්සේ පුරුද්දක් විදියට අනුගාමිකයන් කියන වචනය භාවිතා කරනව නොවෙයි. ඔබ උන්වහන්සේගේ ධර්ම දේශනා මාත්‍රයක්වත් අසා නැතිව මෙහෙම මඩගහන එකෙන් ඔබේ ස්වභාවය කුමක්දැයි පැහැදිලියි.
Google Bot said...
@Vikum, @Anonymous මෙන්න මේ ලිපිය කියවල බලන්නකෝ ඔය මහමෙව්නාව හැරගියා කියන භික්ෂූන් වහන්සේලා කියන කතා ඇත්තද කියල බලාගන්න ඕන නම්. http://bit.ly/abq4G0
Anonymous said...
අහලා බලලා, කියවලා බලලා තමයි මේ කථා කරන්නේ.....ඒ භාවනා වල තියෙන්නේ ලස්සන කවි ටිකක් විතරයි, කෑ ගැහිල්ලක් විතරයි.........ඒවයින් සිත එකඟ කරගෙන උසස් වූ මානසික මට්ටම්(මාර්ග ඵල කියලා කියනවට වැඩිය සුදුසුඉ නේද??) වලට එලඹෙන්න පුලුවන්නම් යානිගේ ඇල්බම් එකක් අහුවොත් කොච්චර ඉහල මානසික මට්ටමක් ලබාගන්න පුලුවන් වේද?? ඔය හැම දෙයක්ම කනින් අහන දේවල්.....සිතුවිලි පැහැදිලි කරන්නේ වචන වලින්......ඒක හින්දා නිවැරදි වචන භාවිතය අත්යාව්ශ්යයි.... මම දනුත් ඉල්ලන්නේ මම හිතන විදිය වැරදි නුම් ඒක වෙනස් කරගන්න තේරුමක් තියෙන කරුනු ඉදිරිපත් කරන්න කියලා....විකුම්ට ලස්සන බණ කතාවක ලින්ක් එකක් දීල තියෙන්නේ.....ඇල වෙච්චි ගහට ඇරෙන්න අනිත් සේරම ගස් වලට කරු ගහලා වගේ... තවමත් පේන්නේ මඩ වගේ නේද???මඩ ගහනව නම් මම හිතන විදියේ වැරදි තියෙනවනම් ඒවා නිවැරදි කරන්න කියලා ඉල්ලයිද?? හාමුදුරුවෝ බෞද්ධාගමේ උන්නතියට වැඩ කරනවා....හැබැයි බෞද්ධ දර්ශනේ විනාශ කරනවා..
Anonymous said...
මහමෙවුනාවට අසුවී ඇති අහිංසක දරුවෝ සියල්ලෝම Brainwash වී ඇති නිසා ඔවුන්ට තම නායකයාගේ වචනයට පිටින් යා නොහැක. ‍මෙය Buddhist Cult එකක් මිස වෙන කිසිවක් නොවේ. මෙය ඉතා භයානක අවාසනාවන්ත තත්වයකි. උගත් දරුවන්ගේ විනාශයයි. මොවුන් බේරා ගැනීම සමාජයේ වග කීමයි. බෞද්ධ කල්ලි පිළිබදව දැනගැනීමට මෙම වෙබ් අඩවිය කියවන්න. http://www.buddhistchannel.tv
Google Bot said...
දෙවනියට දාපු ලින්ක් එකේ භික්ෂූන් ගැන අහපු ප්‍රශ්නෙට පිලිතුර තියනව. උන්වහන්සේගේ සිතට සුව දෙන භාවනා පොතත් කියවලාම අදහස් දක්වන්න එම site එකෙන්ම නොමිලේ online කියවන්න පුලුවන්. ඕන කෙනෙකුට පුලුවන් ඔයවගේ බෙරිහන් දෙන්න. ඉස්සෙල්ල කිව්වෙ උගන්වන භාවනා වැරදියි කියල. දැන් කියනවා ඒව කවි වගේ කියල. අනේ අනිච්චං තමයි ඉතින් මේවට කියන්න තියෙන්නෙ. නැවතත් පෙර ප්‍රශ්නය 1) උන්වහන්සේ වැරදි ලෙස උගන්වන භාවනා මොනවාද? 2) උන්වහන්සේ බුද්ධ භාෂිතයට පටහැනි දෙයක් උගන්වන්නේ නම් ඒවා මොනවාද?
Anonymous said...
Anonymous to Anonymous: ඔය ආගමික කල්ලි ගැන නියම පොතක් තිබුනා....හෙට විතර library පAත්තේ ඇවිදලා නම හොයාගන්නම්කො...කියෝලා ගොඩක් කල් නම මතක නැහැ.....ඔය සමහර තැන් වල බෞද්ද දර්ශනය විකුර්ති කරලා ඒක ලස්සන ඇදහිල්ලක් කරගෙන....මක් කොරන්නද අලුත් ඉස්ටයිල් එකනේ..... @bot ..ඔය පොත් මම කියෝලා තියෙනවා... නවකතා පොත් වගේ....වචන 10ක හරය පොතක් පුරාවට ඇදන් යනවා.....මම කිව්ව එව්වටත් උත්තර දුන්නොත් මොකද??සෝමාවතී පුද බිමේ වුන සිදුවීම එහෙම?? හත් ඉලව්වේ ඔය තේරෙන සින්හලෙන් දාල තියෙන්නේ ඔය ප්‍රශ්න වලට උත්තර තමා ....මාර මිනිස්සුනේ....කලු ගල් වලටත් ඔයිට වැඩිය හොඳට වතුර උරනවා.....
Google Bot said...
නියම උත්තර ටික දීල තියෙන්නෙ. උත්තර කියවනකොට නම් පෙන්නෙ නෑ අහපු ප්‍රශ්න වලට දීපු පිලිතුරුද කියල. ඔයා වගේ තුන් වේද පරප්‍රාප්ත වෙච්ච අයට උන්වහන්සේගෙ පොඩි පොත් පිංචවල් පොඩි ඇති. අපි වගේ අයට ඒවයෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියනව. තමුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගැරහුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙ ධර්මයට කියල සිහිකරගන්න. සෝමාවතිය සිද්ධිය ගැන මේ විධියට කතාකරන්න බෑ. මෙතන ඒකට සුදුසු තැන නොවෙයි.ඔබ සමග මේ ගැන වාද කරල බෑ. කෙනෙක් සමාජයට යහපතක් කරනව නම් ඒකට වල කපන්න එපා!. මාන්නය දුරුකරගන්න. ත්‍රිපිටක ධර්මය ඇසුරු කරන්න. ඔබට තෙරුවන් සරණයි!!! http://www.metta.lk/tipitaka/index.html
Anonymous said...
මම නම් හිතන්නෙ කිරිබත්ගොඩ ඥානානන්ද කියන්නෙ සක්විතිගෙ ලොකු අයිය කියල...හි...හි...
Anonymous said...
මටත් දෙයක් හිතෙනව "මම නම් හිතන්නෙ කිරිබත්ගොඩ ඥානානන්ද කියන්නෙ සක්විතිගෙ ලොකු අයිය කියල...හි...හි... " මේක දාපු එකා පෙරේත ලොකෙ කවද හරි අසූචි කනව sure
vikum said...
සහෝදරයා අපි බුදුන් වහන්සේට වත් ,කිරිබත්ගොඩ හමුදුර්වන්ට වත් ධර්මයටවත් ගරහනවා නෙවෙයි.ඔයාල වගේ මුල වෙලා ඉන්න යට යමක් කියල දෙන්නයි හදන්නේ. උන් වහන්සේගේ ධර්මය 100% නිවැරදි නැහැ.නියා බෞද්ද මග එකට එකතුවෙලා පොර කකා යත්ඥ කිරීම නෙවි. ත්‍රිපිට ධර්මය හා නිවැරදි භාවනා කමහටහන් ආචාර්ය වරුන් හමුවේ භාවනාව ප්‍රගුණ කරන්න . මේ මහොම ඔයාට මොකද්ද කිව්වේ කියල තේරෙයි. @ කිරිබත් ගොඩ හුදුරුවන්ට පරුෂ වචන කියනෙපා.මතක තියාගන්න ඔබ උන් වහන්සේට අගවුරව කරනවා කියන්නනේ වක්‍රව ද්වේශය උපදවා ගනිමින් බෞද්දයන් පිදිය යුතු උතුමන් කෙනෙකුට අගව්රව කිරීමක් කියල.මෙතන සාකච්චා කල යුත්ත සාකච්චා කරමු.
vikum said...
@ google bot එහෙනම් ඔබත් "මහමෙව්නාව නිසා බුදුදහම අනතුරේ" පොත කියවල එන්නකෝ.
Anonymous said...
"උන් වහන්සේගේ ධර්මය 100% නිවැරදි නැහැ" මෙහෙම කියන්නෙ කොහොමද...උන්වහන්සේ නිසා තමයි බොහෝ අය ත්‍රිපිටක ධර්මය පරිශීලනයට නෑබුරු උනේ..මෝඩ කතා දොඩවන්න එපා
Anonymous said...
ඔය විදිහටනම් මටත් පුළුවන් ත්‍රිපිටකය සිංහලට හරවන්න.... -මම සිද්දි ෆාරුක්-
Anonymous said...
OOOO ඔබට හොදට පාලි පුලුවන් වගේ.... -මම ඔසාමා බිල්ලාඩන් -
Anonymous said...
මම මේ සියල්ල කියවා බැලුවා. අපරාදේ මෙතන තරුන බොදු පුතාලා වාද විවාද කරගන්නවා.සියලු දෙනාටම මම කියන්නේ, සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම ගෞරව කරන්න. ඔවුන් අපේ උරුමයයි. ඔවුන් කුමන හෝ අයුරකින් ශ්‍රි සද්ධර්මය වෙනුවෙන් කැප වෙනවා. ඈත අතීතයේ සිට ඔවුන් මෙම ධර්මය රැකගෙන ආ බව අප සියලු දෙනාම සිහිතබා ගත යුතුය. ඒ නිසා සියලු හාමුදුරුවරුන්ට ගෞරව කරන්න. තමන්ට එම හාමුදුරුවරුන්ගේ ධර්මය සමග ගැටලුවක් තිබේ නම් නිහඩව සිටින්න. ධර්මය තමා තුල වැඩිය යුතු දෙයකි.ඒ නිසා තම තමන් හැදෙන්න. අනුන් තුල අඩු පාඩු දැකීමෙන් සතුටු නොවන්න.ඔබට ගැටලුවක් තිබේනම් ත්‍රිපිටක වහන්සේලා සෑම පන්සලකම ඇත. ඒවා පරිශිලනය කරන්න.(අනේ පුතාලා ඔය කිසි කෙනෙකු සමග මා අමනාප නැත. පිං ඇති දරුවනේ අනාගතය වෙනුවෙන් ධර්මය රැකගන්න. අනෙකුත් ආගමිකයින් සිනහා ගන්වන්න එපා.සියලු දරුවන්ට තෙරුවන් සරණයි.)

7 comments:

  1. මම කියන්නේ මෙච්චරයි...
    ඇනෝනි මැස්සොන්ට කොන්ද පන නෑ..
    කොන්ද පන තියන එකෙක් නම් ඇනෝනි මැස්සෙක් වෙන්නෙ නෑ...
    නමක් නැද්ද කෙලින් කතා කරන්න ??
    (මම මේක කිව්වෙ අර කලින් ඇනෝයින් වැඩ කරපු ඇනෝනි මැස්සට හොඳේ)

    ReplyDelete
  2. බුදුන්ට අපහාස කරපු අය අපා ගත උනා..

    මුනුත් ඒ ගොඩටමද.??????????

    ReplyDelete
  3. දර්මය සරන නොගිය සමහරු අර්ය මහා සන්ගරත්නයට අපහස කරනවා මහමෙව්නාව කියන්නෙ දුර්ලබ තෑනාක් එත්නට අපාහස කරලා අපා ගත වෙන්න එපා

    ReplyDelete
  4. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වර්මින් වහන්සේ දේශනා කරන්නේ බුදු රජනන් වහන්සෙගේ දේශනා තමන් වහන්සේගේ මතයක් ඉදිරිපත් කරන්නෙ නහෑ එ නිසා මෙ අපහස කරන්නෙ බුදු රජනානන් වහන්සේට මෙතන තියෙන්නේ පහෑදිලිවම ඊරිශියාව. මහමෙව්නාවට අපහස කරන සෑම දෙනම සුවපත් වෙවා...නෑත්නම් එයාලට ඒක අයහපත පිනිසම පවතිවි

    ReplyDelete
  5. I have now seen the first part of two sermons given by this monnk.

    In the first, he speaks about meeting devatha's in India. I thought he was trying to spread myths.

    In the second he makes unbelievable claims about his infant days. That was at least funny.

    -Rasika

    ReplyDelete
    Replies
    1. මෙතන කවුරුත් ඉංග්‍රීසියෙන් කතා කරපු නැති මොහොතක, ඔබ ඉංග්‍රීසි ගාව ගත්ත එකෙන්ම පැහැදිලි වෙනවා ඔබ බටහිර ගැතියෙක් බව.

      Delete
  6. බුදු දහම සරල කරන්න ගිහින් ගම අනාගෙන තියන හැටි.////මෙන්න උන්වහන්සේගේ වැරැද්ද හැටියට කට්ටියට පේන දේ...මෝඩයිනේ, නොතේරෙන බණක් අහලා "අනේ හරි ෂෝක් බණ ටික නේද." කියනවට වඩා, තිරුම් ගත හැකි ලෙස දේශිත බණක් අහලා ධර්මය අවබෝධ කර ගන්න බලහල්ලා.

    ReplyDelete