Monday, October 18, 2010

ඇත්තටම ඔබ දන්නවාද මොකක්ද මේ "Trojan Horse" කියලා?

Virus වලින් දැන් බහුලව තියෙන්නේ Trojan කියන Virus එක. ඇත්තටම ඔබ දන්නවාද මොකක්ද මේ Trojan කියලා? ඔබ Troy චිත්‍රපටිය බලලා තියෙනවාද? මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ පරණ ඉතිහාස කතාවක් ඇසුරින්.


ඒ ඉතිහාස කතාව නම්,
Troy කියලා නගරයක් තියෙනවා. ග්‍රීකයන්ට මේක අල්ලා ගන්න ඕනේ වුනා. ඔවුන් කලේ, ලීයෙන් ලොකු අශ්වයෙක් හදලා එක අතුලට මිනිස්සු තිහක් පමණ දමලා නගරය තුලට ‍රැගෙන ගියා. රෑ වෙනකන් ඉදලා සෙබලු අශ්වයාගෙන් එලියට පැනලා ඒ නගරය අල්ලා ගත්තා. මේ ලීයෙන් තැනු අශ්වයාගේ නම  "Trojan Horse"

වයිරස් එක හැදුනේ මෙහෙමයි,
අපේ සමාජයේ හොද වගේම නරක මිනිස්සුත් ඉන්නවා. කෙනෙක් දියුනු වෙනවාට ඉරිසියා අයත් ඉන්නවා. මුල් කාලයේ Virus කියන එවා හැදුනේ අත් වැරදීමෙන්.  Softwares හදන කොට කේත වෙනස්වීමෙන්. එත් දැන් මේක Business එකක් වෙලා. Virus ලියන්නන් කියලා වෙනම මිනිස්සු පිරිසකුත් ඉන්නවා. මේ අය කොච්චර වැඩ දැම්මත් අති සාර්ථක වැඩ සටහනක් හදාගන්න බැරිවුනා. මේ වෙලාවේ තමයි අර ග්‍රීක පුරවෘත්තය ප්‍රයෝජනයට ගත්තේ. ඒ EXE තුල සගවලා වයිරස් පරිඝනකයට ඇතුලු කරන්න. මේක හිතාගන්නත් බැරි වේගයෙන් ලෝකයේ පැතිරුනා. කොච්චර දාලා තිබුනත් බේරෙන්න බැරිවුනා.



  • Software downloads
  • Bundling (e.g. a Trojan horse included as part of a software application downloaded from a file sharing network)
  • Email attachments
  • Websites containing executable content (e.g., a Trojan horse in the form of an ActiveX control)
  • Application exploits (e.g., flaws in a Web browser, media player, instant-messaging client, or other software that can be exploited to allow installation of a Trojan horse)
 යන ආකාර වලට මෙම Trojan Horse Virus පරිගණකයට ඇතුලු වෙනවා.
 බුදුන් වහන්සේගේ ධර්මය සියලු දේ අනිත්‍ය යන්නයි. හැම දේටම විසදුමක් තියෙනවා. AntiVirus වැඩසටහන් සාදන්නන් දෑන් මේ දගකාර අශ්වයා මෙල්ල කරනවා. ඒත් මේ ගතවන එක මිනිත්තුවකට අලුතින් virus වැඩසටහන් දහස් ගානක් ලියවෙනවා.

2 comments:

  1. ගොඩක් හොඳ ලිපියක්.
    Thanksss.

    ReplyDelete
  2. ගොඩක් හොඳයි මට ලමයින්ට උගන්වනකොට මේ ගැනත් කිවුව හැකි

    මගේ ඉස්තූතිය පිලිගන්න

    ජයවේවා !!

    ReplyDelete