Sunday, October 24, 2010

Opera 11 Build 1029 Alpha Portable




Opera කියන්නේ Firefox වගේ web browser එකක්. ඇසට ප්‍රියජනක විදියට නිමවලා තියෙනවා. මේ එහි අලුත්ම සංස්කරණයයි.

නව සංස්කරණයේ ඇති වෙනස්කම්:
* Lightning fast. Make your web browsing faster. Everything from loading webpages to opening tabs is optimized to happen almost instantly. You can even speed up browsing on slow connections, with Opera Turbo.
* Safe and secure. Reduce your exposure to threats on the Web. Industry-leading security and features such as Fraud and Malware Protection and a security bar, ensure your safety.
* Easy to use. Fly through webpages by using thoughtfully-designed features. You can search directly from the address field or launch your favorite pages with one click using Speed Dial.
* Innovative and powerful. Get the most from the Web with great features such as custom search, mouse gestures and Find in Page, to help you find content on long pages.

වැඩකෑලි:
* Mouse gestures. Perform common browser actions easily with quick movements of your mouse.
* Opera Turbo. Speed up browsing on slow connections by compressing webpages before downloading them.
* Speed Dial. Access your favorite webpages instantly with a single click.
* Opera Link. Synchronize data of your choice online or across different computers and devices.
* Customization. Change the layout of buttons and toolbars, or choose from many beautiful skins.
* Zoom. View webpages at a comfortable size with a best-in-class zoom.
* Opera Mail. Our built-in mail client lets you efficiently manage your email right from within Opera.
* Widgets. Handy, extra programs can be added to provide direct access to resources, tools, or games.
* Opera Unite. With only a few clicks you can share photos, music, and more – right from your computer.
* Integrated Web search. Search the Web directly from the address field by simply typing in your search term.
* Content blocking. Control your view of webpages by easily removing annoying images, animations and content.
* Sophisticated tabs. See your open webpages easily with visual tabs, or use private tabs to protect your privacy.

 DOWNLOAD FULL (mirror)   9.1MB

හැඩ වැඩ දාලා Logos හදන්න; EximiousSoft Logo Designer 2.58 Portable


Blog එකට, Website එකට ලස්සන Logo එකක් හදන්න මේ software කෑල්ල බාගන්න. බොහෝම සරලයි. PowerPoint වලින් වැඩකරනවා වාගේ.
 EximiousSoft Logo Designer is a small but powerful utility designed to help you make the perfect logo. With which, you can create any type graphics for your websites. It can also be used to customize high quality professional-looking business graphics such as such as business cards, letterheads, posters and other business stationery etc… EximiousSoft Logo Designer provides 50+ pre- designed templates. Just choose a logo layout you like from the collection of pre-build templates, edit the elements of the logo, then add your business name and slogan. And finally, apply some styling. That is your own impressive logo.

 
DOWNLOAD FULL (mirror) 
  8.8MB

Nero Multimedia Suite 10.5.10500 v2 Lite; 46MB Only




nero ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. "Lite"කියන්නේ බර අඩුයි කියන එක, නොහොත් ධාරිතාවය අඩුයි කියන එක;

Nero Lite 1910 includes:
- Nero BurningROM
- Nero Express
- Nero Cover Designer
- Nero BurnRights
- Nero DiscSpeed
- Nero WaveEditor
- Nero Info Tool

Operating system: Windows ® XP/Vista/7
Language: EN-RU
Released: 2010
Medicine: Yes


System requirements:
* Windows ® XP SP3 (32-bit), Windows Vista ® SP1 (32 - and 64-bit versions), Windows ® July Home Premium, Professional, or Ultimate (32 - and 64-bit versions)
Processor AMD or Intel ® 2 GHz
* 512 MB RAM (1 GB RAM for Windows Vista ® and Windows ® 7)
* 5 GB of free hard disk space for typical installation of all components (including templates, content, and the temporary space on disk)
* DirectX ® 9.0-compatible graphics card with 3D-acceleration, 16-bit color and at least 128 MB of graphics memory (32 bits, true color, 256 MB of dedicated video RAM and support for Shader Model 3.0)
* DVD drive for installation and play
Recordable or rewritable drive for burning and CD-ROM, DVD or Blu-ray
* DirectX ® 9.0c revision 30 (August 2006)
* Windows Media ® Player 9
Third party components, such as Microsoft Windows ® Installer 4.5, Microsoft. NET ® 3.5 SP1 and Microsoft Silverlight ™ 3, supplied with the product, or automatically downloaded if not included in the package
* For some services require an Internet connection (recommended DSL-1000 and higher). Costs for connection is a user

DOWNLOAD FULL  46MB 

DOWNLOAD FULL (mirror)   46MB

‘ඊළ’ යකා පන්නා ඇදුම සුව කළ හැටි

ඇදීම වනාහි බර ඇදීම, කඹ ඇදීම, කඳු ඇදීම, දර දිය ඇදීම ආදී වූ අදින එකා ගේ හොඳ පණ යන කරුමක්කාර ක්‍රියාවකි. බූරුවා කොයි තරම් ඇද්දත් ඇදගන්නා එකාට මිස අදින ඌට ඇති කිසිම ප්‍රයෝජනයක් නැත. ඌට කැරට් අලයක රස විඳින්නට තබා කිට්ටු වෙන්නටවත් ලැබෙන්නේ නැත. ගොනා කොයි තරම් ඇද්දත් උගේ කර හම යනවා මිසක ඌට තඹ දොයිතුවක වාසියක් නැත.
උගේ පිටේ කොයි තරම් හකුරු පටවා ඇද්දත් ඒ ඇදිල්ලෙනුත් ඌට වැඩක් නැත. හකුරුවල රස බලන්නට ලැබෙන්නේ ම නැත. කුර ගෙවෙනවා මිසක කඳු මිටි වන්නේ ද නැත. දර දිය ඇදිල්ලත් එසේ ම ය. කවදාවත් අවසානයක් දැකිය නොහැකි කරුමක්කාර ඇදිල්ලකි. මේ දවස්වල ඇදිල්ලේ තරම හොඳින් ම දැක ගන්නට පුළුවන.
ඒ ඇදුම රෝගයේ හැටිය. ඉංගිරිසි සිංහල ප්‍රතිකාර කොයි තරම් ගත්තත් අඩුවක් වූයේ ද නැත. හඳ මෝරන්නට මෝරන්නට ඇදිල්ල වේගවත් විය. දොස්තර මහත්තයා ගේ අවසාන තීන්දුව අනුව ඉන්හෙලරයක(Inhaler)ද පාවිච්චි කළේ ය. අන්තිමට එයත් ඔරොත්තු නොදෙන තත්ත්වයට පත්විය.
මේ අතර පරණ පිනක් මතුවීමෙන් දෝ දන්නා හඳුනන කෙනෙකුගෙන් “නාරම්මල වටවන වෙද ගෙදර” කෙම් ක්‍රමයකින් ඇඳුම රෝගය නිට්ටාවට සුවකැරවන බවට තොරතුරක් ලැබුණේ්ය.
මෙච්චර කාලයක් තිස්සේ වෙදකම්, ;හදකම්, ගුරුකම් ආදී “කම්” වලින් කිසිදු සහනයක් නොලැබ කළකිරීමෙන් පසු වූ දිසානායක මහත්මයා “කෙම්” වලින්වත් පිහිටක් බලාපොරොත්තුව නාරම්මල බලා ගියේය. අවුරුදු පහළොවක් තිස්සේ ඉහළට අදිමින් වින්ද දුක ඒ කෙම් ක්‍රමයෙන් අවසන් විය.
මේ අරුම පුදුම කෙම් ක්‍රමයෙන් ඇදුම රෝගය අවසන් කැර ගත් දිසානායක මහතා ඇදිල්ලේ අමාරුව දන්නා නිසාම තවත් සුවහසක් දුක් විඳින ඇදුම රෝගීන් පිළිබඳ හුදු කරුණාවෙන් මේ කෙම් ක්‍රමයේ වටිනාකම රටට හඬගා කියන්නට ඉල්ලා සිටියේය.
මම නාරම්මල වටවන වෙද ගෙදර සොයා ගියෙමි. නාරම්මල පේරගස් ඇල්ලේ හතළිස් හත් හැවිරිදි පී.ඇම්. අනුර පතිරාජ මහතා හමුවූයෙමි.
කෙම් ක්‍රමය යනු රහස් පිළියම් ක්‍රමයකි. උපචාර විධි මගින් කරන ආරක්ෂාවකි. රහස් ප්‍රතිකාර ක්‍රමයක් නිසා ඒ කුමක් දැයි අසා වැඩක් නැත. මඤ්ඤොක්කා රාත්තල මිසක ඉඩමේ හතර මායිම් අසා වැඩක් නැත. ඒ නිසා පතිරාජ මහතාගෙන් දැන ගත හැකි විස්තර ටික පමණක් දැන ගන්නට සාකච්ඡා කළෙමි.
”මහත්මයා! මම වෙද මහත්තයෙක් නොවෙයි. ඒත් මගේ පරම්පරාවේ තාත්තා සහ සීයලා පාරම්පරික වෛද්‍යවරු. ඒ නිසා අපේ ගෙදරට කියන්නේ “වටවන වෙද ගෙදර” කියා. ඇදුම රෝගය නිට්ටාවට සුව කරන මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ මීට කලින් පත්‍ර කීපයක පළවුණා. ඒකෙන් මට කරදරයක්මයි වුණේ. වෛද්‍ය ආයතනවලින් මට ලියුම් එන්නට හිටියා “ඔබ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවෙයි, ඕවා නීති විරෝධියි.
දිව්රුම් සහතික එවන්න” කියා. සමහරු මිනිස්සු මට වෙද මහත්තයා ය කියනවා. ඒත් මම වෛද්‍යවරයෙක් – වෙදකමක් කියන වචනවත් පාවිච්චි කරන්නේ නෑ. අවුරුදු ගණනාවක සිට අපේ ගෙදර “වටවන වෙද ගෙදර” කියා හඳුන්වන නිසා ලිපිනයේ සඳහන් වෙනවා. වෙන නම් මම කරන වෙදකමක් නෑ. ඉතින් මේ රටේ වෛද්‍යතිලක, වෛද්‍යසේකර, වෙදආරච්චි ආදී නම් භාවිතා කරන වෛද්‍යවරු නොවන අයත් ඉන්නවා. ඒ අයටත් විරුද්ධව මෙහෙම පියවර ගන්නවාද දන්නේ නෑ” යි පතිරාජ මහතා පළමුවම අවනඩුවක් කීවේය.
”පතිරාජ මහත්තයා, ඒ අපේ රටේ හැටි. මීට වඩා නීති විරෝධී, සමාජ විරෝධී, පරිසර විරෝධී දේවල් කොයි තරම් සිද්ධ වෙනවාද? ඒවා ගැන අන්ධයෝ වගේ බීරෝ වගේ ඉන්නා උදවිය මේ වගේ දේවල්වලට කස්තිරම් අල්ලනවා.
අද ගුප්ත විද්‍යාවන්ගෙන් විශ්මිත වැඩ කරන අය කොයිතරම් ඉන්නවාද? මේ අතරේ හොරුන් නැතුවා නොවෙයි. ඒත් අද මේ රටේ නිට්ටාවට සුව කළ නොහැකි රෝග යම් ප්‍රතිශතයක් හෝ මෙවැනි ගුප්ත විද්‍යාවන්ගෙන් සුවපත් වේ නම් ඒවා විවේචනය කරනවාට වඩා ඒවායේ සත්‍යතාව ගවේෂණය කොට දිරි ගැන්වීම යුතුකමක්. නොඑසේ නම් එයින් කිසිවකුට අයහපතක් නොවේ නම් බාධා නොකොට නිහඬවීමත් වැදගත්ය.
”ඉතින්! පතිරාජ මහත්මයා ඔබේ ප්‍රතිකාර ක්‍රමය ටිකක් විස්තර කරන්නැ” මම ඔහු අවදි කළෙමි.
”කලින් කීවා වගේ ම මේක වෙදකමක් නොවෙයි. බොන්න බෙහෙත් දෙන්නෙත් නෑ. ඇඟේ තවරන්න දෙන්නෙත් නෑ.”
ඇදුම රෝගය සෙම නිසා ඇතිවන රෝගයක්. සෙම සහ ඇදුමට බලපාන ඊළ නම් යක්ෂයෙක් ඉන්නවා. ඒ යක්ෂයා ගේ බලපෑම නිසා ඇදුම රෝගය බෙහෙත්වලින් සුවපත් කරන්න අමාරුයි. අප කරන කෙම් ක්‍රමයෙන් උපචාර විධි ක්‍රමයක් මගින් ඒ යක්ෂ බලවේගයෙන් ආරක්ෂා කිරීමයි කරන්නේ. මේ ප්‍රතිකාරයට දිය ගොඩ දෙකේ ම වැඩෙන ගස් වැල් කීපයක කොළ නියමිත ආකාරයකින් කඩා ගෙන ඇවිත් මාලයක් හදනවා.
ඇදුම රෝගියා ලවා ඒ මාලයට උඩින් පන්නනවා. ඊට පසු රෝගියා ආපසු ගෙදර යනවා. මම අර මාලය මගේ ගෙදර තියාගෙන දිනපතා මාසයක් උදේ සවස ඊළ නම් යක්ෂයා වෙනුවෙන් උපචාර විධි පවත්වනවා.
යළිත් රෝගියා ඊළඟ මාසයේත් ඇවිත් අලුත් කොළ මාලයක් උඩින් පැන යනවා. මේ ආකාරයෙන් මාස තුනක් ඇතුළත දින තුනක් පමණක් රෝගියා ඇවිත් යන්න ඕනෑ. ඒකයි ප්‍රතිකාරය. මා ඊට අර ගන්නේ සොබාවිකව කැලේ වැවෙන ඖෂධ වර්ග. ඖෂධ කීවාට බොන බෙහෙත්වලට නොගන්න ගස් වැල් සහ පැළෑටිවල කොළ. කිසිම බෙහෙතක් බොන්න දෙන්නේ නැහැ.
මම මේ ප්‍රතිකාරය පටන් ගත්තේ 1987 අවුරුද්දේ. දැනට රෝගීන් 12000 ක් පමණ මේ ක්‍රමයෙන් සුවපත් වී සිටිනවා. දිසාපතිවරු, වෛද්‍යවරු පවා සුවපත් වී ඉන්නවා. බිංගිරියේ දිසානායක මහත්මයාත් එයින් එක්කෙනෙක්.
”මේ ක්‍රමයෙන් සුවපත් නොවන අය නැද්ද?” මම ඇසීමි.
”ඉන්නවා. සියයට දහයක් පහළොවක් පමණ මේ ප්‍රතිකාර ක්‍රමයේ නියමිත පිළිවෙත් නොරැකීම නිසා සුව නොවුණු අය ඉන්නවා. ඊළ නම් යක්ෂයාගේ බලය පාලනය කිරීමට අප නියම කරන ආකාරයේ පිළිවෙත් රකින්න ඕනෑ. පන්සිල් රකින්න ඕනෑ.
මත්පැන්, මස් මාළු, කරවල, බිත්තර අනුභවයෙන් වළකින්න ඕනෑ. මළ ගෙවල්වල යෑමෙන් වළකින්න ඕනෑ. ඕවායෙන් ආරක්‍ෂා නොවන අයට සුවය ලැබෙන්නේ නෑ. ඇදුම රෝගය කියන්නේ මහා ජරා ලෙඩක්. හුස්ම ගන්න තියෙන අමාරුව ඇදුම රෝගියෙක් දැක්කා ම ඕනෑම කෙනෙකුට පෙනෙනවා. ඒ නිසා නියමිත පිළිවෙත් රකින්න ඕනෑ.
එක්තරා හෙදියක් ඇදුම රෝගය දරුණුවට හැදිලා බෙහෙත් – ඉන්හෙලර් අහන්නේ නැති තරමට දරුණු වෙලා මා ළඟට ගෙනාවා. පළමු දවසේම “කෙම” කරලා අපේ ගෙයින් එළියට බහින කොටම සනීප වුණා.
ඒත් ලෙඩේ දරුණුකම අමාරුව දන්නා නිසා මේ රෝගී කාන්තාව මාස තුනේ දවස් තුනම ඇවිත් සම්පූර්ණ සුවය ලැබුවා. ඒ වුණාට මාස හතරකින් නැවත රෝගය වැළදී ආපසු ආවා. නැවත එක් දින ප්‍රතිකාරකින් සුවපත් වී ගියා. මොකක්ද? ඇයට සිද්ධ වී තිබුණේ? ගෙදර වෙනත් කෙනෙකුගේ අමාරුවකට ඇදුරෙක් මතුරා දුන් තෙල් ටිකක් මෙයාත් ඔලුවේ ගාගෙන. ඒකෙන් නැවත ඇදුම හැදුණා. ඇය එවරත් සනීප වී ගියා.
නැවතත් මාස කීපයකින් ලෙඩේ හැදිලා ආවා. ඒ වතාවේ ඇගේ ගෙදර කිරිඅම්මාවරුන්ගේ දානයක් දීමේ දී කරපු වතාවත්වලට මේ හෙදියත් සහභාගි වෙලා. ඒකෙන් නැවතත් ලෙඩේ මතුවුණා.
ඒ සැරෙත් එක දවසකින් සුවපත් වී ගියා. මම ඇයට උපදෙස් දුන්නා මෙහෙම වෙන්නේ මොකද කියා හොයා බලන්න කියා. ඇය අඳුනක් බලන තැනකින් ඒ ගැන ඇහුවාම කියා තියෙනවා ඇයට හූනියමක් කැර තිබෙන බව. ඒ හූනියම ඇදුරන් ලවා කපා ඉවත් කළාම ඇයට නැවතත් ඇදුම වැළඳී නැහැ. ඇයට තරහකාරයෙක් කළ හූනියමේදී බැඳී සිට තියෙන්නේ ඊළ නම් යක්ෂයා.
”ඇදුම” රෝගය තදබල පාපකර්ම විපකයකට වැළදෙන පාපී ලෙඩක්. තදබල ග්‍රහ අපල තියෙන අය ඒවාට නියමිත පිළිවෙත් කැර ගන්න ඕනෑ. ඌරු මස් හොඳම නෑ. මේ ප්‍රතිකාර ක්‍රමයේදී ඊළ නම් යක්ෂ දෝෂය පුදුම ආකාරයෙන් කි‍්‍රයාත්මක වෙනවා. ඊළ යක්ෂයාට කේන්ති ගියාම ලෙඩාව සුවපත් කළ පුද්ගලයාගේ ඇඟට එනවා. එතකොට මටත් රෝග ලක්‍ෂණ පහළ වෙනවා. මේක භූත දෝෂයක් නිසා ඒ අවස්ථාවල තමන්ගේ ආරක්ෂාවටත් අවශ්‍ය කටයුතු කර ගන්න ඕනෑ. සමහර රෝගීන් සුවපත් වී ගොස් පින් දී ලියුම් එවනවා. සමහරු නම් එහෙම නෑ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි. ඔන්න ඔය ටික තමයි මහත්තයෝ මට කියන්න තියෙන්නේ.
සමහරුන්ට ඇදුම සමඟ පීනසත් හැදෙනවා. මුල් අවස්ථාවේ නම් “කෙම්” ක්‍රමයෙන් ඒ දෙකම සුවපත් වෙනවා. මේ ප්‍රතිකාරය කළ අවස්ථාවේ සිට අවුරුදු පහළොවක් ඉදිරියටත් ආරක්ෂා වෙනවා. මෙයින් සුවපත් වී අවුරුදු දහය පහළොව ගතවූ අය ඉන්නවා. ඉදිරිපත් කරන්නත් පුළුවන්.
මේ ප්‍රතිකාරය කරන්නේ නොමිලයේ. සෙනසුරාදා දිනවල පමණයි. කලින් දැනුම් දී එනවා නම් අවශ්‍ය කොළ වර්ග සොයා ගෙන සූදානම් වෙන්න පුළුවන්. එහෙම නම් එක දවසකට විසි පහකට තිහකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ළදරු ළමා වැඩිහිටි අයටත්, අලුත් හා කල්ගිය රෝගීන්ටත් ප්‍රතිකාරය පිහිටනවා. මගේ දුරකතන අංකය 037 – 2249577 යැයි පතිරාජ මහතා කතාව අවසන් කළේය.
මෙවැනිම ප්‍රතිකාරයක් මතුගම, යටදොලවත්තේ විශ්‍රාමික ගුරුතුමියක් විසින් ද ඇදුම රෝගීන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබයි. එයට නම් දින ලබා ගැනීම ඉතා අපහසුය. ඒ ප්‍රතිකාරය කරන්නේ ඉරිදා දිනයත්, පසළොස්වක ;පාහොයත්, පාන්දරත් යන අවස්ථා තුනම ගැලපෙන දිනයක දී ය. මේ 2010 වර්ෂයට ම එවැනි දින ඇත්තේ එකම එක දවසකි. එය ඒ ගුරුතුමියට සිහිනෙන් කී ප්‍රතිකාරයකි. බොන බෙහෙතකි. එය ද දැනට අවුරුදු 15 – 20 පමණ කාලයක සිට පවත්වාගෙන යන අතර එයින් ද සුවපත් වූවෝ බොහෝය.
මේ ඇදුම රෝගයට සමහර අය නම්බුවට කියන්නේ “පපුවේ මහන්සිය” කියාය. ඇදුම ස්වසන පද්ධතියට සම්බන්ධ රෝගයකි. සෙම විකෘතිවීමෙන් වැළදේ. එයට භූතයෙකුගේ බලපෑමක් නැතැයි කියන්නට කාට පුළුවන්ද?
අපේ කාර්යය රටේ සැඟ වී තියෙන පියවි ඇසට සාමාන්‍යයෙන් නොපෙනෙන දේ පාඨකයාට සොයා දීමය. ඒවා ගවේෂණය කිරීම අපේ පුරුද්දයි. ඒවා පිළිබඳව පරීක්ෂා කැර බැලීම වගකිවයුත්තන්ගේ කාර්යයයි. ඒවා ගැන නුවණින් සොයා බලා ප්‍රයෝජන ගැනීම ඔබේ කාර්යයකි.

Sorce: rightmindfulness.wordpress.com

Saturday, October 23, 2010

"අපිත් මෙහේ ඉන්නවා" භූතයෝ අනතුරු හඟවති..

මිනිසුනට වැළදෙන සෑම රෝගයක් ම භෞතික ඇසින් පමණක් බලා නිගමනය කිරීම නිසා සමහර අයගේ ජීවිත පවා අහිමි වී යයි. සමහර රෝග නිවැරැදිව නිගමනය කිරීමට පවා පෙර රෝගියා මිය යන අවස්ථා නැතුවා නොවේ.
මේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ තරුණියක ගේ බරපතළ රෝග තත්ත්වයක් වළක්වා ගත් ආකාරය පවසන කතාවකි. ඇය පළාත් පාලන ආයතනයක රැකියාවක නියුතු 23 හැවිරිදි ප්‍රසන්න තරුණියකි.
ඇයට 1997 වර්ෂයේ සිට වරින් වර බඩේ කොර ගතියක් හා ඉවසිය නොහැකි තරමේ තද බල වේදනාවක් හට ගැනිණි. මාසයකට දෙකකට වරක් මේ අසනීපය තදින් හට ගත් අතර වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් වේදනා නාශක මඟින් තාවකාලික සහනයක් ලැබූවත් ස්ථිර සුවයක් නොවීය.
2000 වර්ෂය වන විට බඩේ වේදනාව බලවත් විය.බටහිර ප්‍රතිකාරවලින් නිත්‍ය සුවයක් නොලැබෙන විට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ද ගත්තා ය. එහෙත් එයින් ද ස්ථිර සුවයක් නොලැබිණි. පසුව වරකට දින හත බැගින් මාසයකට දෙවරක් තද බල ලෙස වේදනාව දැනෙන්නට වූ අතර රැකියාවට යෑම පවා අඩාල විය. මෙය ඇගේ මව්පියන් ඇතුළු පවුලේ අයට ද මහත් කරදරයක් විය.
ලංකාවේ ඉහළ මට්ටමේ සුපිරි පෞද්ගලික රෝහල් වලට ගොස් ඊසීජී, එකෝ, මුත්‍ර, ලේ, ස්කෑන්, එක්ස්රේ ආදි සියලු පරීක්ෂණ කළ ද ප්‍රතිකාර ලැබුව ද ඒවායින් දින කිහිපයක් මඳ සහනයක් ලැබුණ ද යළිත් ;පර තත්ත්වයෙන් ම දුක් වින්දා ය.
2003 වන විට වේදනාව තවත් දරුණු විය. ඇගේ ගර්භාෂයට පහළින් යටි බඩ ඇතුළත තදින් කසන නලියන බවක් දැනිණි.
දිගු හිස සහිත අතකින් ඇගේ කුස මිරිකමින් යළිත් ලිහිල් කැරමින් යළිත් තද කරන බවක් දැනිණි. මේ අතර ඇය අවිවාහක බැවින් වහාම විවාහ වන ලෙස ද වෛද්‍යවරුන් ගෙන් උපදෙස් ලැබිණි. එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ විවාහ වීමට ඇගේ කැමැත්තක් නොවීය.
මේ වන විට ඇය යම්තමින්වත් එහාට මෙහාට ගියේ යටි බඩ අල්ලා ගෙන මවගේ ඇඟට වාරු වීමෙනි. දැන් ඇය මොන දේ ආහාරයට ගත්තත් ඒවා වමනයට ගියේ ය.
ඈ බැරි ම තැන කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට ඇතුළත් වූවා ය. එහිදී ද වේදනාවේ අඩුවක් නොවූයෙන් වරින් වර ස්කෑන් පරීක්ෂණ පහක් ම සිදු කැරිණි. ඉන් පසු විශේෂඥ වෛද්‍යවරියක් ‘ලැපරස්කොපි’ පරීක්ෂණයක් ද කළේය. අවසානයේ ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇති බවත් වහාම සැත්කමක් කොට එය ඉවත් කළ යුතු බවත් නිගමනය කැරිණි.
ඇයට සැත්කමක් සිදු කළේය. අඟල් 6 – 7 ක පමණ කැපුමක් යොදා එම සැත්කම සිදු කළ අතර තවත් විනාඩි පහක් පමා වූවා නම් ඇය මරණයට පත්වන්නට ඉඩ තිබුණු බව වෛද්‍යවරු පැවසූහ. එහෙත් ඉවත් කළ ගෙඩිය ඇයට පෙන්වූයේ නැත. ඇය සෑම සෙනසුරාදාවකම සායනයට ගිය අතර මේ වන විට ද වේදනාව දැනුණු බව කී විට එය මඟහැර යනු ඇතැයි වෛද්‍යවරු කීහ.
2004 අපේ‍්‍රල් මාසය වන විට බෙහෙත් නතර කැරිණි. එහෙත් වේදනාව නිසා විශේෂඥ වෛද්‍යවරයා නිතර (චැනල්) හමු වී ප්‍රතිකාර ගත්තා ය. වෛද්‍යවරයා උපදෙස් දුන්නේ වහාම විවාහ වන ලෙසය. එහෙත් යළිත් වේදනාව දරුණු විය. උණ ගතිය සමඟ වමනය හට ගත්තේ ය.
යළිත් ස්කෑන් පරීක්ෂණයක් කළ අතර විශේෂඥ වෛද්‍යවරයා ද කම්පාවට පත් වෙමින් කලින් වතාවටත් වඩා ලොකු ගෙඩියක් ඇතැයි එය වහාම ඉවත් කළ යුතු බවත් පැවැසීය. මේ වන විට කලින් වතාවේ ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරියකගේ මාර්ගයෙන් ඇගේ කලින් සැත්කමේ දී ගෙඩියක් නොතිබුණු බවත් බඩවැලේ හෝමෝන වැගිරීමෙන් ඇති වූ ලාටු ටිකක් සූරා දැමීම පමණක් සිදු වූ බවත් ඇය ඇගේ සහෝදරයා මගින් දැන සිටියා ය. වහාම දෙවැනි සැත්කමට ද දින නියම කැරිණි. (උදරයේ ගෙඩියක් ඇති බවට වූ සටහන් පරීක්ෂණ වාර්තා ඇය ළඟ තවමත් සුරක්ෂිතව ඇත.)
ඇය බලෙන් ම ටිකට් කපා ගෙන සැත්කම සිදු කිරීමට අවශ්‍ය දිනයට යළි රෝහලට එන බව පවසා ගෙදර ගියා ය. ඇගේ හඳහන බැලූ අය කියා තිබුණේ ඇයට වින දෝෂයක් ඇති බවත් මේ අපල කාලයේ සැත්කමක් නම් කිසිසේත් නුසුදුසු බවයි. එහෙත් ඇය පමණක් නොව පවුලේ අය ද මේ වසර ගණනක සිට දුක් දෙන රෝගයෙන් පීඩා විඳ අසරණව සිටියහ.
වේදනාව මේ තරම් දරුණු නම් නැවත ශල්‍යකර්මය කරනවා හැර කරන්නට වෙනත් දෙයක් ද නොවීය. මේ වන විට ලක්ෂ ගණනක් වැය වී ඉතුරුව ඇත්තේ ඇගේ මාසික වැටුප පමණකි. රැකියාවේ බොහෝ නිවාඩු ගැනීම නිසා එය ද අවිනිශ්චිත විය. එහෙත් ඇගේ කාර්යාලයේ අය ගේ ආදරය හා කරුණාව නිසා ඇයට යම් සහනදායි බවක් ද වීය.
මේ අතර ඇගේ හිතවතකු මාර්ගයෙන් අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගස්නාවේ ඤාණානන්ද නාහිමියන් ගැන ඇයට දැන ගන්නට ලැබිණි. ඇය උන් වහන්සේ සොයා ගෙන පැමිණ තම දුක් ගැනවිල්ල කීවා ය.
නාහිමියෝ ඇගේ දීර්ඝ දුක් ගැනවිල්ල සාවධානව අසා සිට ඇයට ඉතා සරල භාවනාවක් ඉගැන්නූහ. සෙත් පිරිත් පාඨයකින් ආශීර්වාද කොට යළිත් පවුලේ වැඩි හිටියන් සමඟ පැමිණෙන ලෙස ද දැන්වූහ. එදින රාත්‍රි ඇය වේදනා නාශක පෙති ද නොගෙන ම ඉතා සුව දායක නින්දක් ලැබුවාය.
පසු දින ඇය පවුලේ සියලු දෙනා ද සමඟ නැවත ආවා ය. එදින නාහිමියෝ සෙත් පිරිත් දේශනා කරන විට ඇය හඬන්නට වූවාය.
“මට යන්න බෑ. මම යන්නේ නෑ. මම කාලයක් තිස්සේ මැගේ ශරීරයේ සාරය උරා බොමින් ජීවත් වුණා. දැන් මැය අතහැර දමා යන්නට නොහැකි” යැයි කියැවුණි. නාහිමිපාණන් වහන්සේ භාවනාවකට සම වැද දෑතින් නිකුත් කරන ලද කිරණ දරා ගත නොහැකි අමනුෂ්‍යයා පලා ගියේය. ඇගේ පවුලේ අයට කරන ලද විනයක් ග්‍රහ අපල තත්ත්වය නිසා ඇයට තදින් බලපෑ බවත් ඇගේ පවුලේ අයට මානසිකවත් ආර්ථිකවත් පීඩා කැර ඇති බවත් නාහිමියෝ පැවසූහ.
මෙසේ ශරීරයෙන් ඉවත්ව ගිය ද ඇගේ උදරය තුළ රුධිරය උරා බොමින් සිටි මළ යක්ෂණිය යළිත් පැමිණිමට ඉඩ ඇති නිසා යක්ෂණිය වෙනුවෙන් දන් පැන් දී පින් අනුමෝදන් කොට ඇය යහපත් තත්ත්වයකට පත් කළ යුතු බව ද පැවසූහ. ඒ අනුව කටයුතු කොට යක්ෂණිය අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට යැවූහ. එය ද කර්මානුරූපව යක්ෂණියගේ පෙර පිනක් මතුවීමකි.
එවැනි අවස්ථාවක් උදා නොවී දීර්ඝ කාලයක් එසේ පිනකට දහමකට සිත යොමු කරන්නට වාසනාව උදා නොවන අමනුෂ්‍යයෝ ද සිටිති. ඔව්හු සොහොන් භූමි ආශි‍්‍රතව හැසිරෙති. මේ එවැනි තවත් කතාවකි.
මේ කතාව වාර්තා වන්නේ මාතර පළාතේ සුරූපී ගුරු වරියකගෙනි. කුෂානි නම් වූ ඇය තරුණ වියේ ම ඉන්ද්‍රසේන නම් වූ ගුරුවරයෙකු සමඟ විවාහ වූවාය. මාතර ජීවත් වූ මේ ගුරු යුවළට පසු කලෙක අම්බලන්තොටට මාරුවීමක් ලැබිණි. මාතර සිට දිනපතා අම්බලන්තොට යෑම අපහසු නිසා ඒ පාසලේ ම ගුරුවරයකු ගේ නිවසක නවාතැන් ගැනීමට හැකි විය. ඒ ගුරුවරයා නන්ද නම් විය.
නන්ද ජීවත් වූයේ මහ පාරෙන් සැතපුම් කාලක් පමණ දුරින් වූ නිවසක ය. ඔහුට ම අයත් තවත් නිවසක් මහ පාර අසල වසා දමා තිබිණි. ඒ නිවස කුලියක් නොගෙන ම කුෂානිටත් ඉන්ද්‍රසේනටත් පදිංචියට ලැබිණි. ඔවුන් ගේ දස හැවිරිදි පුතු ද ඔවුන් සමඟ එහි සිටියේ ය. නන්දගේ දරු දෙදෙනෙක් ගාල්ලේ විදුහලක ඉගෙනුම ලැබූහ. සතියේ නිවාඩුවට නන්ද හෝ බිරිය ගීතා දරුවන් බැලීමට ගාල්ලට යෑම සිරිතක් විය.
දිනක් ගීතා දරුවන් බැලීමට ගාල්ලට ගියා ය. ඇය එදින ම ආපසු ආවොත් පැමිණෙන්නේ රාත්‍රි 9 ට පැමිණෙන බස් රියෙන් විය හැකි බැවින් එසේ පැමිණියොත් ඇය නිවසට ඇරලන ලෙස නන්ද ඉන්ද්‍රසේන ගෙන් හා කුෂානිගෙන් ඉල්ලා සිටියේය. එසේ ම තමන්ටත් අනිත් පුතාටත් රාත්‍රියට කෑම ටිකක් අවශ්‍ය බව ද ඔහු මේ මිතුරු යුවළගෙන් ඉල්ලා සිටියේය. මේ නිවෙස් දෙක අතරේ සැතපුම් කාලක දුර ප්‍රමාණය අතර පාරේ වෙනත් කිසිදු ගෙයක් පිහිටා නොතිබූ අතර කුඩා සොහොන් භූමියක් ද විය.
එදින රාත්‍රි ආහාරය සකස් කළ කුෂානි ඊට කරවල බැදුමක් හා බිත්තර ඔම්ලටයක් ද එකතු කොට ඉන්ද්‍රසේන අත නන්ද ගේ නිවසට යැවුවාය. ඉන්ද්‍රසේන එය ගෙන යන විට හැන්දෑවේ හයට පමණ විය. ඉන්ද්‍රසේන නන්ද සමඟ සතුටු සාමීචියේ යෙදී ආපසු නිවසට එන විට රාත්‍රී හත ද පසු වී තිබිණි.
රාත්‍රී නවයට පැමිණෙන බස් රියෙන් ගීතා ආපසු නොපැමිණි බැවින් කුෂානිත් පුතාත් සැමියාත් නින්දට ගියහ. දැන් සියලු පරිසරය නිහඬ ය. මේ යුවළ දරුවාත් සමඟ තද නින්දේ ය. රාත්‍රියේ හිටි හැටියේ පැමිණි ගීතා එහි දොරට තට්ටු කර
“කුෂානි… කුෂානි” යි කතා කළා ය. කුෂානි තද නින්දේ ය. නැවත ද වරක් දොරට තට්ටු කර කතා කළා ය. මේ දෙවර ම ඉන්ද්‍රසේනට ඇසිණි.
“ඒයි… නැගිටින්න. අන්න ගීතා ඇවිත්” යැයි ඉන්ද්‍රසේන කුෂානිගේ උරයෙන් අල්ලා සොලවා අවදි කොට කීවේ ය.
“කුෂානි… කුෂානි මම ආවා” යි ගීතා නැවත කතා කරනු කුෂානිට ද ඇසිණ. ඒ සමඟ ම ඉන්ද්‍රසේන අවදි වී චිමිනි ලාම්පුව දල්වා දොර ඇර එළියට ගියේය.
කුෂානි ද ඇඳෙන් නැගිට රාත්‍රී ඇඳුමට උඩින් තවත් ඇඳුමක් ඇඟ ලා ගත්තා ය. දැන් ඉන්ද්‍රසේනත් ගීතාත් ඉස්තෝප්පුවේ ය. ඉස්තෝප්පුව අඳුරේ ය. ගීතාත් ඉන්ද්‍රසේනත් කතා බහක් නැතිය. නිහඬ ය. කුෂානිට කුතුහලයකි.
එහෙත් කුෂානි කාමරයෙන් පිට වීමට පෙර පුතා ගේ ඇඳේ මදුරු දැල සකස් කළ යුතු වීය. ඊටත් මඳ කාලයක් ගත වීය. අර දෙන්නා අඳුරේ තවමත් නිහඬව සිටීම කුෂානි ගේ සිත කුතුහලය වැඩි කරවයි. නිවසේ විදුලි පන්දමක් ද නොවූ බැවින් කුෂානිට ඉටිපන්දමක් හා පොල් කටුවක් සොයා ගන්නට සිදු විය.
“මුන් දෙන්නා සද්දයක් නැතුව මේ කරුවලේ මොනවා කරනවා දැ” යි කුෂානි ගේ සැකය තවත් වැඩි වෙයි. කුෂානි ඉටිපන්දම දල්වා ගෙන එළියට ආවා ය.
ඉන්ද්‍රසේන නිහඬව ම ඉස්තෝප්පුවේ සිටී. “කෝ ගීතා” යි කුෂානි ඇසුවා ය.
“ගීතා මිදුලේ බලා ඉඳලා ඔයා පරක්කු නිසා කතා නොකර ම යන්න ගියා. අපි ඉක්මන් කර යමු” යි ඉන්ද්‍රසේන කීවේය. ඉන්ද්‍රසේන දොර වසා යතුර අතට ගත්තේය. මේ දෙදෙනා නිවසෙන් මිදුලට බැස ගීතා ගිය දෙසට ගමන් ඇරඹූහ. ගීතා තරමක් දුරින් ගමන් කරන අයුරු ඔවුනට පැහැදිලිව දිස් වෙයි.
“ගීතා පස්ස නොබලා ම යන්නේ මම පරක්කු වූ නිසා අමනාප වෙලා ද දන්නේ නෑ” යි කුෂානි කීවා ය.
“නැද්ද? ඔයාට එළියට එන්න කොච්චර වෙලා ගත වුණා දැ” යි ඉන්ද්‍රසේන ද නොමනාපයෙන් මෙන් කීවේ ය.
“ඇයි ඒයි මට එහෙම එක පාරට ම එන්න පුළුවන් ද? ඇඳුමක් ඇඟට දාගන්න ඕනෑ. පුතා ගෙ මදුරු දැල හදන්න වුණා. ඉටිපන්දමක් පොල් කටුවක් හොයන්න වුණා. යං… යං… ඉක්මන් කරලා” යි මේ දෙදෙනා පය ඉක්මන් කළහ. එහෙත් ඔවුන් යන වේගයෙන් ම ගීතා ද ඉදිරියට යනු පෙනෙයි. ඊට වඩා ඉක්මනින් ඇය පසු පස ඔවුන්ට දුවන්නට ද නොහැක්කේ ඉටිපන්දම නිවෙන නිසා ය.
මේ දෙදෙනා නන්ද ගේ නිවසට ම ගියහ. නිවස තද අඳුරේ ය. ගීතා පෙනෙන්නට නැත. දොරට තට්ටු කැර නන්ද අවදි කළේ ය. නන්ද දොර විවෘත කැර නිදි ගැට හරිමින්
“මොකද මේ මහ රෑ” යි ඇසුවේ ය.
කුෂානිටත් ඉන්ද්‍රසේනටත් මහත් පුදුමයකි.
“කෝ ගීතා?” යි කුෂානි ඇසුවා ය.
“ඊයෙ හැන්දෑවේ ගීතා කෝල් එකක් දුන්නා. අද එන්නේ නෑ කියලා. ගීතා ආවෙ නෑ” නන්ද කීවේ ය.
“අනේ මේ බොරු නොකියා ඉන්නැ” යි කුෂානි ගෙට ගොස් ඇඳන් යට පවා බැලුවේ ඔවුන් විහිළුවක් කරති යි කියා සිතූ නිසා ය. ඒ මොහොතේ ම ඒ නිවසේ ඔරලෝසුවේ එකේ කණිසම හඬ නඟනු අසන්නට ලැබිණි.
“පලයල්ලා පලයල්ලා පිස්සු නැතුව ගෙදර ගිහින් නිදා ගනිල්ලා. මටත් නිදිමතයි” කියා නන්ද ඔවුන් පිටත් කැර දොර වසා ගත්තේ ය. මේ දෙදෙනා අන්දමන්දව ආපසු ගමන් ඇරැඹූූහ. කුෂානි ඉන්ද්‍රසේන ගේ අතේ එල්ලුණු අතර ඉන්ද්‍රසේන කුෂානිගේ බඳ වටා අත දමා ගෙන බියෙන් හා සැකයෙන් ගමන් කළහ. නුදුරු දින කීපය තුළ මේ ප්‍රදේශයේ සොරකම් හා මංකොල්ලකෑම් කීපයක් ම සිදු වී තිබුණි. මෙය සොරුන් විසින් ස්ත්‍රී කටහඬකින් කතා කොට කුෂානි ගේ කණකර මංකොල්ල කන්නට සිදු කළ දෙයක් දැයි ඉන්ද්‍රසේනට සැක සිතිණි. ඒ වන විටත් පවුම් දෙකක් බරැති රන් දම්වැලක් කුෂානිගේ ගෙලෙහි තිබිණි.
එහෙත් එවැන්නක් සිදු නොවිණි. මේ දෙදෙනා නිවසට පැමිණ සිදු වූ දෙය ගැන කුතුහලයෙන් ම නැවත නින්දට ගියහ. පසු දින උදේ බලන විට ඊයේ රාත්‍රි සකස් කළ කරවල බැඳුමේ ඉතුරු කොටස හා ඔම්ලට් ඉතුරු කොටස් නානු බවට පත්ව තිබිණි.
කුෂානි නිතර තෙරුවන් වඳින, පිරිත් කියන, පිළිවෙත් රකින කාන්තාවකි. එසේ ම විෂ්ණු – කතරගම දෙවිවරුනට මහත් භක්තියකින් පුද පූජා කළ කෙනෙකි. ඒ නිසා ඔවුන් නිවසේ සිටින තුරු ඊට ඇතුළු විය නොහැකි බැවින් මේ දෙදෙනා නිවසින් පිට කිරීමට අමනුෂ්‍යයන් කළ උපායක් ද? නැත්නම් ගොම්මන් වේලාවට සොහොන් ළඟින් කරවල බැදුම් ගෙන යෑම නිසා ඉන්ද්‍රසේන සමඟ පැමිණි භූතයෙකු ගේ විහිළුවක් ද විය හැකිය.
නැතහොත් මේ කුෂානි මහත්මිය සිල් සමාදන් වන දිනපතා තෙරුවන් වන්දනා කරන, එසේ ම විෂ්ණු කතරගම දෙවිවරුන් අදහන කෙනෙකු නිසා කරවල බැදුම හා බිත්තර ඔම්ලටය භුක්ති විඳීමට ඔවුන් නිවසෙන් පිටමං කිරීමට යෙදූ උපායක් ද විය හැකි ය.
එසෙත් නැත්නම් සමහර භූතයෝ “අපිත් මෙහේ ඉන්නවා” ය කියන බව ඇඟවීමට ද මෙවැනි දේ කරති. මේ සියල්ල ධර්ම ශක්තියට යටය. ගොඩගම තරුණියට දුක් පීඩා දුන් මළ යක්ෂණියගේ බලය ද ඤාණානන්ද නාහිමියන් ගේ ආධ්‍යාත්මීය ශක්තියෙන් පාලනය විය.


Source: rightmindfulness.wordpress.com